Loading...

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 342 දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල අද ශ්‍රී ලංකා රුපියල් 342 ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය මත එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙස සටහන් වී ඇත.

එහි විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.

ඊයේ (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අතර අද (20) දිනයේ මෙරට රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 335.65ක් ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *