ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම විධායක මණ්ඩලය රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්ති යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්යුහගතකරණයට අදාළව ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවද ඇය එහිදී සඳහන් කළා.
ඇය මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ ණය වැඩසටහනේ ප්‍රමිතියට අදාළව ශ්‍රී ලංකාව බාහිර වාණිජ හිමියන් සමඟ කඩිනමින් එකඟතාවයකට පැමිණෙනු ඇති බවට දැඩි අපේක්ෂාවෙන් පසු වන බවයි.
තවද ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කිරීම, සංචිත ඉහළ නංවා ගැනීම, ආර්ථික වර්ධනය ආදිය පිළිබඳව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකවරිය වැඩිදුරටත් ජුය සිටියා.
Leave a Reply