Loading...

රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (11) නැවතත් පහළ ගොස් තිබෙනවා.

මේ අනුව අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 302.62ක් ලෙසයි සටහන් වුණේ.

එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 311.98 ක් ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අවප්‍රමාණය වීමක් දැකිය හැකි වුවත් ප්‍රධාන විනිමය කිහිපයකම රුපියල් අගයන් අද (11) දින ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් වනවා.

ඒ අනුව ජපන් යෙන් රු. 2.0689 සිට රු. 2.093 ක් දක්වා ද, බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක මිල රු. 391.63 සිට රු. 395.26 ක් දක්වා ද, යූරෝවක මිල රු. 335.33 සිට රු. 336.48 දක්වා ද, ඕස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම රු. 202.05 සිට රු. 203.39 ක් දක්වා වැඩි වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *