Loading...

පිපුරුණු ජල නලයේ අලුත්වැඩියා කටයුතු අවසන්

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නලයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නලය පුපුරා ගොස් තිබුණා.

මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අඩාල වුණා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 සිට ජල සැපයුම යළි යථාතත්ත්වයට පත්කළ බවයි.

මේ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත්වෙනු ඇති බවද එම මණ්ඩලය සදහන් කරනවා.

අනතුර හේතුවෙන් ජල නළය පුපුරා යෑමෙන් ඊයේ (17) රාත්‍රියේ දැවැන්ත දැවැන්ත ජල කාන්දුවක් සිදුවූ අතර එම ස්ථානයට යාබදව පිහිටි විදුලි රැහැන් කණු දෙකක් ද ජල පහරේ වේගය හේතුවෙන් කඩා වැටුණා.

මෙම ජල කාන්දුව හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *