ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්හට හැකිතාක් විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බවට වාර්තා වනවා.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරුන් දේශපාලන කටයුතු සඳහා කැපවීම අවශ්‍ය බව පවසමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
මැයි රැළියෙන් අනතුරුව මැතිවරණ ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මේ වන විට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු දියත් කිරීමේ ප්‍රවේශයක් ලෙස මැයි රැළිය මෙවර මහා පරිමාණයෙන් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂ සහ කණ්ඩායම් රැසක් එක්වීමට නියමිත පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
Leave a Reply