Loading...

මහින්දට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරදී

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණි.

මේ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ අරගල සමයේ දී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ඝනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යර්ථ වී ගිය බවද ඒ මහතා සිය විශේෂ ප්‍රකාශයේ දී සඳහන් කළා.

තමා කථානායක ධුරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂිය එකඟව කටයුතු කළ බව පවසන ඔහු තමාගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බවද කියා සිටියා.

කථානායකවරයා පෙන්වා දෙන්නේ රටක ගිනි තැබීම මිනීමැරීම් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවෙකු රට නැවත ගොඩනැගීමට කටයුතු බව ලෝක ඉතිහාසයේ සඳහන්ව නොමැති බවයි.

මට සහාය දුන් සෑ මටත් මා නිර්දේ ලෙස විවේචනය කළ සැමටත් මා සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව තමාගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *