Loading...

පොහොට්ටුවෙන් නාමල්ට ලැබුණු අලුත් වගකීම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද (27) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණා.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා කියා සිටියේ එහිදී මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය මීට පෙර හෙබවුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *