මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධව තීන්දුව ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවරා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ඊයේ (09) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය එළඹුණු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී රැස්වී තිබුණා.
Leave a Reply