කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) දෙදින තුළ විවාදයට ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් මෙම විශ්වාසභංග භාර දුන්නේ පසුගිය 5 වනදායි.
එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දී තිබුණා.
විශ්වාසභංග භාර දීමෙන් පසු පසුගිය 14 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් විසින් විවාදයට ගන්නා දින දෙක ලෙස අද (19) සහ හෙට (20) දින තීරණය කරනු ලැබුවා.
විවාදයේ අවසානයේ ඡන්ද වීම හෙට (20) වනදා සවස පැවැත්වීමට නියමිතයි.
මේ වන විට විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පක්ෂව ඡන්දය දෙන බව පවසා තිබෙනවා.
Leave a Reply