2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය අද (22) ආරම්භ වනවා.
මෙවර පැවැත්වෙන්නේ 18 වන අදියර යයි.
තරඟාවලිය අද (22) සිට මැයි 25 වනදා දක්වා ක්රීඩාංගන 13කදී පැවැත්වීමට නියමිතයි.
තරඟ 74ක් තරඟාවලිය යටතේ පැවැත්වෙන අතර එක් දිනකදී තරඟ දෙකක් බැගින් පවත්වෙනා දින 12ක් ද තරඟාවලියේ තරඟ කාලසටහනට ඇතුළත්.
මෙවර තරඟාවලියේ පළමු තරඟය අද (22) පසුගියවර ශූරතාවය දිනු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම අතරයි.
2024 ශූර නයිට් රයිඩර්ස් කණ්ඩායම් සත්කාරක ක්රීඩාංගණය වන කොල්කටා හි ඊඩන් ගාඩ්න්ස් ක්රීඩාංගණයේ දී පළමු තරඟය මෙන්ම තරඟාවලියේ අවසන් මහා තරඟය ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අවසන් වටයේ සියලු තරඟ හයිද්රබාද් හා කොල්කටා හිදී පැවැත්වීමට නියමිත අතර Qualifier 1 හා Eliminator තරග පිළිවෙලින් මැයි 20 හා මැයි 21 හයිදරාබාද්හීදී පැවැත්වීමට නියමිතව ඇති.
මැයි 25 පැවැත්වෙන අවසන් තරගය හැරුණු විට මැයි 23 පැවැත්වීමට නියමිත Qualifier 2 තරගය ද කොල්කටාහීදි පැවැත්විමට නියමිතව තිබෙනවා.








Leave a Reply