Loading...

සඳ අද රතු වෙයි

පුර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැක ගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට තවත් පැය කිහිපයකින් උදා වනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද (07) රාත්‍රී 9.57 සිට හෙට (08) අළුයම 1.26 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය සිදුවන බවයි.

මෙහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොඳම වෙලාව රාත්‍රී 11.42 බවද ඔහු සඳහන් කරනවා.

අද (07) දිනයේ දැකබලා ගැනීමට හැකිවන මෙම චන්ද්‍රග්‍රහණයෙන් පසුව නැවත වරක් මෙරට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ 2028 වසරේදීයි.

මෙලෙස අද (07) රාත්‍රියේ දිස්වන පුර්ණ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාවේ දී චන්ද්‍රයා ලා රතු පැහැයෙන් දිස්වන බැවින් මෙය හඳුන්වන්නේ බ්ලඩ් මූන් හෙවත් ලෝභිත චන්ද්‍රයා ලෙසයි.

අද (07) රාත්‍රී 8න් පසු මෙලෙස ආරම්භ වී හෙට (06) අළුයම දක්වා පවතින මෙම චන්ද්‍රග්‍රහණයේ දී රාත්‍රී 8.58 සිට චන්ද්‍රයාගේ පැහැය ක්‍රමයෙන් අඩුවෙන අතර පසුව රාත්‍රී 9:57 සිට රාත්‍රී 11 දක්වා අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව හිමිවනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *