Loading...

ප්‍රබල කැන්ගරුවන් සිම්බාබ්වේ ඉදිරියේ වසර 19කට පසු පරාජය වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිම්බාබ්වේ සමඟ අද (13) පැවැති තරඟයකදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 23ක පරාජයක් ලබා ගනු ලැබුවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 169ක් ලබා ගනු ලැබුවා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Brian Bennett ලකුණු 64ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Marcus Stoinis සහ Cameron Green එක් කඩුල්ල බැඟින් බිඳ හෙලුවා.

ලකුණු 170ක ඉල්ලකයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම අද (13) ලැබූ මෙම ජයග්‍රහණය සැලකෙන්නේ ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව 19 කට පසුව ලැබූ පළමු විස්සයි විස්ස තරඟ ජයග්‍රහණය ලෙසයි.

අවසන් වතාවට 2007 වසරේ දී ඕස්ට්‍රේලියාවට කඩුලු 3කින් පරාජය කර තිබූ අතර එම තරඟයෙන් පසු මෙම දෙරට අතර විස්සයි විස්ස තරඟ 2කම ඕස්ට්‍රේලියාව ජය ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *