Loading...

LPL තරඟාවලිය ගැන ආ අලුත්ම ආරංචිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල් දැමූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ලබන වසරේ ජූලි අගෝස්තු මසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟාවලිය ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් 2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම සඳහා තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

මේ අනුව ලෝක කුසලාන හා ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර තරඟාවලි සැලකිල්ලට ගෙන LPL 6 වන අදියර ලබන වසරේ පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති.

තරඟාවලිය පෙර සැලසුම්කර තිබූ පරිදි කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය සහ මහනුවර යන කණ්ඩායම් සහභාගීත්වයෙන්ම පැවැත්වීමට නියමිතයි.

මේ අතර LPL තරඟාවලියේ නිල සන්නාම තානාපති ලෙස පත්කර සිටි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් එක්වනු ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රවින්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරඟාවලියට එක්වීමට නියමිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *