Loading...

මහ මැතිවරණයට යාම ගැනත් ආණ්ඩුව අර්බුදයක?

පවතින දේශපාලන තත්ත්වය තුළ කඩිනම් මහ මැතිවරණයක් ලබා ගැනීමට දේශපාලන වශයෙන් කලබලයක් ඇති කිරීමට අපේක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීයි.

ඒ අනුව තම පක්ෂයේ එකම අරමුණ ඉක්මණින් මහ මැතිවරණයක් තැබීම සුදුසු බව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ සිය මහ මැතිවරණ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් පළමුව ජනාධිපතිවරණය සඳහා සුදානම් වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කිරීම විශේෂත්වයෙකි.

මේ අතර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව ආණ්ඩුව කළ යෝජනාව හේතුවෙන් මැතිවරණය කල් දැමීමට රජය සැරසෙන බවට මතයක් සමාජ ගත වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

එය සුබවාදී තත්ත්වයක් නොවන බව බැසිල් පෙන්වා දුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ කල් දැමීමට තමන්ගේ කිසිම අපේක්ෂාවක් නොමැති බවයි.

තවද පළාත් පාලන සහ පළාත් සභා ඡන්දය කල් දැමීම හේතුවෙන් බොහෝ පරිපාලන ගැටළු ඇතිව තිබෙන බවද මෙම හමුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඊට අමතරව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය සම්බන්ධව ගනු ලබන තීරණ මහා සංඝරත්නය සහ ජාතිකවාදී කඳවුරු සමඟ මුලින්ම සාකච්ඡා කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *