Loading...

,

කුළුබඩු ගැන ගහපු ගැසට් එකත් රිවර්ස් වෙයි

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළකළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

වසාවාසි, කහ, ඉඟුරු, කරදමුංගු, ගම්මිරිස්, සාදික්කා ආදී ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවෙන්දයක් නිකුත් කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධ තම විරුද්ධත්වය පළකර තිබෙනවා.

අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දී ඇත්තේ මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයන සඳහා ආනයනයට අවසර ලබාදීමෙන් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත් වන බවත් දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත්ය.

අද වන විට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවා ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *