ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පසුගිය මස 30 වනදා ආරම්භ වූ අතර පුරා දින 9ක් පෙරහැර විථි සංචාරය කිරීමෙන් පසුව 10 වන දිනය වන අද (08) දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරීමට නියමිත බවයි.
මේ අතර හෙට (09) දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්රදක්ෂිණා කොට, සවස 4.42ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගෙවැදීමට නියමිතව තිබෙනවා.
මේ අතර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් අද (08) දින විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟපෙන්වීම හා රථ වාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ දියත් කර ඇති බවයි.
පොලීසිය නිකුත්කළ නිවේදනය පහතින්,








Leave a Reply