ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීමට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවයි. අදාළ සාකච්ඡාවේදී අපේක්ෂයා සම්බන්ධ තීන්දුව ගත්තද නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ජනාධිපතිවරණය ප්රකාශ කිරීමෙන් පසු සිදු කිරීමටයි පොහොට්ටුව මේ වන විට තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙහිදී වත්මන් ජනපති රනිල් වික්රමසිංහ මහතා ද පිරිසක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද පිරිසක් ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ද නම් කිරීමට සූදානමින් ඇති බවද වාර්තා වනවා.
මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්රීවරුන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි.
Leave a Reply