Loading...

මැතිවරණ කොමිසම අගමැතිගෙන් ඉල්ලු ඉල්ලීම

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටළුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා.

එම කොමිසම අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැරණි පැවැති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිවරයා අතර හමුවක් පසුගියදා 16 වනදා පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී මෙම කරුණු පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බවද කොමිසම පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *