Loading...

ආර්ථික පරිවර්ථනය පනත හෙට පාර්ලිමේන්තුවට

ආර්ථික පරිවර්ථනය වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කෙරුණා.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහාද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන් වනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *