බුදු දහම ඇතුළු ආගම්වලට අපහාසවන අන්දමට ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මේ දක්වා සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සති දෙකක් තුළදී ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
දේව ගැතිවරයාගේ ප්‍රකාශ පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සර්ව ආගමික නායකයන් පිරිසක් ගොනු කළ පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී කියා සිටියේ දේව ගැතිවරයා පිළිබඳව මුදල් විශුද්ධිකරණය ඇතුළු අංශ දෙකක් ඔස්සේ විමර්ශන දෙකක් සිදු කෙරෙන බවයි.








Leave a Reply