Loading...

,

හම්බන්තොට නව පිරිපහදුවේ ඉදි කිරීම් කඩිනමින්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදි කිරීමට සැලසුම් කර ඇති ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීමට කටයුතු කඩිනම් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එම සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බවයි.

මීට අදාළ සාකච්ඡාව පසුගිය 27 වනදා කොළඹ දී පවත්වා තිබෙනවා.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිතයි.

ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාව වැඩි කිරීමට ද එකඟ වී තිබෙනවා.

ව්‍යාපෘතිය ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘති සඳහා පසුගිය නොවැම්බර් මසදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වුයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසටයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *