පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය G. L. පීරිස් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බවයි.
පසුගියදා සමඟි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙලෙස පොදුජන පෙරමුණ විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක් සමඟ ගිවිසුම්වලට එළඹෙන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය ලබාදුන් බවද එම පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply