රාජ්‍ය සේවයේ අනෙක් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළුව සඳහා ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති ගැටළු මෙන්ම වැටුප් තලය පිළිබඳව පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.
Leave a Reply