Loading...

සුරේෂ් රයිනාගේ සහ ශිකර් ධාවන්ගේ කෝටි 11.4 වත්කම් රාජසන්තක වෙයි

1xBet ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් පිළිබඳව චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දේපලක් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධාවන්ගේ රුපියල් කෝටි 11.14ක වත්කම් රාජසන්තක කර තිබෙනවා.

මුදල් වංචා පිළිබඳව විමර්ශනය කරන එරට Enforcement Directorate නම් විශේෂ ඒකකය විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ අදාළ විමර්ශනයට අනුව සුරේෂ් රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන මෙන්ම ධාවන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපලක් මෙලෙස අත්පත් කරගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම චෝදනාව පිළිබඳව යුවරාජ් සිං හා රොබින් උත්ප්පාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.

තවද ජනප්‍රිය නළු සෝනු සූඩ්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිමී චක්‍රබෝර්ති, බොලිවුඩ් නිළි උර්වෂි රවුටෙලා සහ බෙංගාලි නළු අංකුෂ් හස්රා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *