ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් උද්වේගකාරී තරඟයක් ඊයේ (15) පැවැත්වුණා.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතරයි.
බැංගලූරුහී පැවැති තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් පළමුව පන්දුවට පහරදීමට හයිද්‍රබාද් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි හයිද්‍රබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්ස් සහ අභිෂේක් ෂර්මා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.
එහිදී සන්රයිසස් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49කදී ලකුණු 109ක් ලබාගනු ලැබුවා.
ශතක සබඳතාවට තිත තබමින් Reece Topleyගේ පන්දුවක් හමුවේ ලකුණු 34ක් ලබා සිටි අවස්ථාවේදී අභිෂේක් ශර්මා දැවී ගියේ සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින්.
ඉන්පසුව පිටියට පිවිසි හෙන්රි ක්ලාසන් ට්‍රැවිස් හෙඩ්ස් සමඟ පන්දු 26කදී ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූවා.
එම සබඳතාව අතරතුරදී ට්‍රැවිස් හෙඩ්ස් ශතකය ලබා ගනු ලැබුවා.
පන්දු 41කදී ලකුණු 102ක් ලබාගනිමින් දියත් වූ හෙඩ්ස්ගේ ඉනිමට හතරේ 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වුණා.
Lockie Fergusonගේ පන්දුවක් හමුවේ හෙඩ්ස්ගේ ගිණි කෙළි ඉනිම අවසන් වුවත් ඉන්පසුව පිටියට Aiden Markram පන්දු 27කදී වේගවත් ලකුණු 66ක් ලබා ගනු ලැබුවා.
එම සබඳතාවටද තිත තැබීමට Lockie Ferguson සමත් වූයේ Heinrich Klaasen කඩුල්ල දවා ගනිමින්.
පන්දු 31කින් දියත් වූ Heinrich Klaasenගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ 2ක් ඇතුළත් වුණා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ සන්රයිසස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 288ක දැවැන්ත ඉනිමක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ගැනීමට හැකි වුයේ කඩුලු 7ක් දැවී ලකුණු 262ක් පමණි.
බැංගලූරු ඉනිම ආරම්භ කඩුල්ල වෙනුවෙන් විරාට් කෝලි සහ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දුවාර 6.2කදී ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.
පන්දු 20කදී ලකුණු 47ක් ලබාගෙන සිටි විරාට් කෝලි දැවී යාම සමඟ එම සබඳතාව බිඳ වැටුණු අතර ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 28කදී ලකුණු 62ක් රැස් කළා.
ෆෆ්ගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණා.
මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිකරණය හමුවේ පිටියට පිවිසි දිනේෂ් කාර්තික් සිය කණ්ඩායම වෙත යළිත් ජයග්‍රහණය බලාපොරොත්තු ගෙන එනු ලැබුවා.
එහිදී කාර්තික් පන්දු 35කදී වේගවත් ලකුණු 83 ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 43 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ගණන වාර්තා කළ තරඟය ලෙස මෙම තරඟය සැලකෙනවා.
ඊට අමතරව විස්සයි විස්ස ඉතිහාසයේ තරඟයකදී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්යායවද මෙය වනවා.
මීට පෙර IPL තරඟාවලියේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ද සන්රයිසස් කණ්ඩායමයි.
2024 තරඟාවලියේ දී 08 වැනි තරඟයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක් දැවී ලකුණු 277ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.
බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 262ක සැලකෙන්නේ IPL තරඟාවලියක දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.
මෙම තරඟයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා සමස්ථ ලකුණු ගණන 549ක් වන අතර එය විස්සයි විස්ස ඉතිහාසයේ දී තරඟයකදී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සැලකෙනවා.
තවද තරඟයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ හයේ පහර සංඛ්‍යාවේ එකතුව 38ක් වන අතර එය විස්සයි විස්ස තරඟයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව අතරට එක්වුණා.
Leave a Reply