Loading...

මන්ත්‍රීවරුන්ගේ තීරු බදු වාහන බලපත්‍ර නවතී?

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය 09 වනදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති නමුත් විවිධ පරස්පර මත හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බවයි.

මහජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බවයි එම කාරක සභාවට සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.

මේ අවස්ථාවේදී වාහන බලපත්‍රය ලබාදීමට සමඟි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇති අතර නිලධාරීන් ඒ මහතාගේ එම විරෝධය සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116 දෙනෙක් පසුගියදා කථානායකවරයාට ලියවිල්ලක් භාර දෙනු ලැබුවා.

අදාළ ලියවිල්ල කථානායකවරයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ සම්බන්ධව සාකච්ඡාවට ගැනුණු නමුත් පැහැදිලි තීරණයක් ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *