ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයට පැවැති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණි සිටි කුඩා දරුවෙක් තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචි දරුවෙක් බවයි.
මෙම ජනහමුවට නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතව තිබු බව හම්බන්තොට පොලීසිය කියා සිටියා.
කෙසේ වෙතත් සැලවීමත් සමඟ ඔවුන් රැස්වීමට පැමිණ නොතිබූ අතර සිද්ධිය සැලවිමෙන් අනතුරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවාගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණ තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.








Leave a Reply