Loading...

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ සමත් වුණා.

අද දින ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙසින් සටහන් වුණා.

එය මීට පෙර 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17193.8 වාර්තාව බිඳ හෙළීමකි.

ඊට අමතරව අද (03) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17214.39ක් ලෙසින් සටහන් වූ අතර එය මීට පෙර ඉහළම අගය වූ 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17193.8 වාර්තාව බිඳහෙළීමකි.

සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ මිල දර්ශකය ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා.

මේ අතර අද (03) දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහ මුල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම විශාල ලෙස හේතු වූ අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමට දායක වුණා.

තවද අද (03) දින රුපියල් බිලියන 7.37ක ගණුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *