Loading...

රාජ්‍ය ඇමති ශෙහාන්ගෙන් පොහොට්ටුවේ මංගල රැලිය මඟහරි

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය ජනරැලි මාලාවේ මංගල ජනරැලිය අද (26) තලාව නගරයේ දී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද ඊට සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් මෙම රැලියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැමිණ සිටියේ නැහැ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතාවක් නොකිරීම ද මෙහි විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *