Loading...

ලංකාවේ මාධ්‍ය නිදහස අඩු වෙලා

2024 වසරේ දී ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15ක් පහළට පැමිණෙමින් එම දර්ශකයේ 150 වන ස්ථානයේ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් අද (03) මෙම දර්ශකය එළි දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තාවට අනුව මෙවර දර්ශකයේ දී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 35.21කි.

වසරක් පාසා එළිදැක්වෙන අදාළ දර්ශකයට රටවල් 180ක් ඇතුළත්ව ඇති අතර 2023 වසරේ දී එම දර්ශකයේ 135 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සමත්ව තිබෙනවා.

ආර්ථික ,සමාජීය, දේශපාලන සහ ආරක්ෂක ආදී හේතු නිසා මේ වසරේ දී ශ්‍රී ලංකාව ස්ථාන 15ක් පහළට පැමිණීමට සිදුව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *