විදුලිබල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය යටතේ තවත් බලශක්ති ගබඩා පද්ධති හතක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි විදුලි බල සම්ප්‍රේෂණ උපපොළ ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිත බවයි.
මෙම පද්ධති හත මඟින් මෙගාවොට් 280ක විදුලි බලශක්තියක් ගබඩා කිරීමේ හැකියාව පවතින අතර, දෛනිකව මෙගාවොට් 70ක විදුලි බලයක් ජාතික විදුලිබල ජාලයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ජූනි මස මුලදී මෙරටට ගෙන ආ බැටරි බලශක්ති ගබඩා පද්ධති අටක් තෝරාගත් උපපොළ ආශ්‍රිතව ස්ථාපනය කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.
එම කටයුතු ජූලි මස අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ජාතික විදුලිබල ජාලයට මෙගාවොට් 80ක විදුලි බලයක් එක් කිරීමට නියමිතයි.
අදාළ බැටරි බලශක්ති ගබඩා පද්ධති පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්‍යාංශයට අයත් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම වෙත පැවරෙන අතර, නඩත්තු කටයුතු අදාළ සමාගම් විසින් සිදු කරනු ලබන බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.








Leave a Reply