ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
මේ අතර ශ්‍රී ලංකාව විසින් ගෙවීම් පැහැර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ බව වාර්තා කරන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපාය මාර්ගික තොරතුරු උපුටා දක්වමිනුයි.
එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ පිළිබඳ නවතම තොරතුරු වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මුලික වටයේ සාකච්ඡා අසාර්ථක වුවද ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවයි එම වාර්තාවේ පෙන්වා දෙන්නේ.
මෙහිදී ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත්තේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු “සාර්ව සම්බන්ධිත බැඳුම්කර” සම්බන්ධයෙන් බව සඳහන් වනවා.
Leave a Reply