Loading...

IMF එකේ තෙවන වාරිකය ලංකාවට ලැබෙයි

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණ තිබෙනවා.

එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. කාර්ය මණ්ඩල එකඟතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරීත්වයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ලබාදී ඇති ණය මුදලේ තෙවන වාරිකය ලෙස තවත් අමෙරිකානු ඩොලර් කෝටි 34ක මුදලක් මෙරටට ලැබෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් එම අරමුදලේ ප්‍රකාශකයන් පවසන්නේ කාර්ය මණ්ඩල එකඟතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පුර්ණ කිරීමට නියමිත බවයි.

ඉන් පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මුල්‍ය සහතික සමාලෝචන සම්පුර්ණ කළ යුතු බවත් දෙවන පියවර ලෙස ශ්‍රී ලංකා බලධාරීන් දෙවන සමාලෝචනයේ දී එකඟ වූ කැපවීම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *