Loading...

එංගලන්තයට එරෙහි T20 දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ සමගින් තරග 3කින් සමන්විත T20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.

කාඩිෆ්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෲක් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව තරගයට අවතීර්ණ වූ අතර, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ වෙනුවට තරිඳු රත්නායක සහ දිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක (37) සහ ලහිරු උදාර (21) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගුවා.

කෙසේ වෙතත්, අනෙකුත් පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩ නොලැබුණු අතර වනිඳු හසරංග ලකුණු 27ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක්ද රැස් කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 145ක් පමණයි.

පන්දු යැවීමේදී එංගලන්තයේ ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් සහ ජොෆ්රා ආචර් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 12යි පන්දු 1ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව තවත් පන්දු 47ක් ඉතිරිව තිබියදී එංගලන්තය මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

ලකුණු 32කට කඩුලු 3ක් දවාගනිමින් උඩපන්දු 2ක්ද රැකගත් එංගලන්තයේ ලියම් ඩෝසන් (Liam Dawson) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *