Loading...

සියළු දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ලබන මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනවලදී සියළු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසනවා.

මේ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකයින් සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියළු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දිවයිනේ සියළු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (26) සහ හෙට (27) තම පොලිස් වසමට අයත් සියළු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පෞද්ගලික ගොස් එහි වෙසෙන පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *