Loading...

ජනාධිපති නීතිඥ දිලීප පිරිස්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පිරිස් මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් ඒ මහතාගේ ජීවිතයට හානියක් සිදු කිරීමට සැලසුම් කරන බවට ලද බුද්ධි තොරතුරක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඝාතන සැලසුම සම්බන්ධව පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දිලීප පීරිස් මහතාගේ නිවසට සහ ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම යෙදවීමට නියමිත බවයි.

පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණිල්ල නීතිපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබූ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නීතිඥවරුන්ගෙන් කෙනෙක් වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට හානි කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සැලසුම් සකස් කරන බව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ පොලිස්පති බුද්ධි තොරතුරක් ලැබී ඇති බව වාර්තා වනවා.

මේ අනුව ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සිටම ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි සඳහන් වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *