එළැඹෙන මාස කිහිපයේ ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජල කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතනවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි.
“කොහොමත් අපේ ජුලි – අගෝස්තු මාසවල වියළි කාලගුණයක් තමා තියෙන්නේ. නමුත් ඒ වියළි කාලගුණය ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට පටන් ගන්නවා ඊශාන දිග මෝසම.
සැප්තැම්බර් 15 ඉඳන් තමා වැස්ස වැටෙන්න නියමිතව තියෙන්නේ. නමුත් සැප්තැම්බර් මාසයේ වැස්ස යම් අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඔක්තෝබර් – නොවැම්බර් – දෙසැම්බර් මාසවල වැස්ස වැඩිවෙන්න පුළුවන්. ඒක තමා මේ පුරෝකථනය.
මේ තත්ත්වයට සුදානම් වෙන්න අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදනය, විදුලිබල මණ්ඩලය යන ආයතන එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදීම සඳහා හොඳම ජල කළමනාකරණයක් කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කළා.
මේ ආයතන සියල්ලටම සුදානම සකස් කරන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා. ඒවා අපි ලබන 20 වෙනිදා නැවත සමාලෝචනයට ගන්නවා.”







Leave a Reply