Loading...

අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන්න – ගජේන්ද්‍රකුමාර් කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලිමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මහතාගේ ලිපියේ සඳහන් කර ඇත්තේ අර්ච්චුනා මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියේ තමන්ට අපහාස කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සිටින බවයි.

එවැනි තත්ත්වයක පාර්ලිමේන්තු සභාගර්භය තුළ තමන්ට දුරින් අසුනක අර්ච්චුනා මන්ත්‍රීවරයා අසුන්ගෙන සිටීම තමාගේ අවධානය වෙනතකට යොමු වන බවද කථානායකවරයා වෙත යොමු කළ ලිපිය මඟින් ගජෙන්ද්‍රකුමාර් මහතා පෙන්වා දී තිබෙනවා.

ඔහු එම ලිපියේ සඳහන් කරන්නේ අදාළ මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමකින් පළමුවරට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවත් සාමාන්‍යයෙන් එවැනි මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සිදුකරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගෙන් පසුව බවත්ය.

සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව අර්ච්චුනා මන්ත්‍රීවරයාට පිළිගත් පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර අසුන් ලබාදී ඇති බව පෙන්වා දුන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා, ඔහුගේ ආසනය වෙනස් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *