පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නම බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබෙනවා.
බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.
මේ අතර පසුගිය 7 වනදා ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.







Leave a Reply