ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිලිබඳ කථානායකවරයාගේ මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
මෙහිදී කථානායකවරයා විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධව සිය මතය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වනවා.
එම විශ්වාසභංග යෝජනාව නිත්‍යානුකූලව ඉදිරිපත් කර නොමැති බවට මේ වන විටත් විවිධ පාර්ශව කරුණු දක්වමින් සිටිනවා.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නොහැකි බව කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.
කෙසේ වෙතත් විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයාට හිතුවක්කාරි ලෙස කටයුතු කිරීමට නොහැකි බව සමඟි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.








Leave a Reply