Loading...

,

තිස්ස කුට්ටිට පොහොට්ටු මහලේකම්ගෙන් දැඩි අවවාද

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දැඩි ලෙස අවවාද සිදුකර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බවයි.

මෙහිදී කුට්ටිආරච්චි මහතා මෑත කාලීනව සිදුකළ බව පැවසෙන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කණගාටුවක් ඇතිව තිබෙන බවද සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙනවා.

මේ අතර හෙට (25) දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් ඒ මහතා පවසා තිබුණේ,

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *