Loading...

,

මහ බැංකු සංචිතවල සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මැයි මසදී අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6284ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මහ බැංකුවේ නවතම වාර්තාවක පෙන්වා දෙන්නේ 2025 අප්‍රේල් මස අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6327 සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.7%ක සුළු පහළ ගොස් ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මස තුළදී දේශීය විදේශීය විනිමය වෙළෙඳපොලෙන් මිලියන 260.8ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 4ක් අලෙවි ඇති බවද වාර්තා වනවා.

මේ අනුව 2025 මැයි මස තුළදී මහ බැංකුව ශුද්ධ වශයෙන් දේශීය විදේශීය විනිමය වෙළෙඳපොලෙන් මිලදී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 256.8කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *