Loading...

පොහොට්ටුව මුලින් මහ මැතිවරණය ගැනීමේ සටන දිගටම ගෙනියන ලකුණු

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

2019 වසරේ දී අවසන් වරට පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැට ලක්ෂයක් සුදුසුකම් ලබා තිබූ අතර මෙවර එම ගණන ලක්ෂ 10කින් වැඩි වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවය විවිධ ප්‍රකාශ කළ ද මහ මැතිවරණයක් ලබා ගැනීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සාහය මේ දක්වා අවසන් නොමැති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවල දීද මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව විවිධ අදහස් පළකරමින් සිටිනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මොන යම් හෝ දේශපාලන පෙරලියක් සිදුවනු ඇති බවයි.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ අමාත්‍යධුර දරන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කළ යුතු බව එම පෙරමුණේ විධායක සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ප්‍රකාශය සමඟ දැනට අමාත්‍ය ධුර දරන කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් ඉදිරියේ දී කණ්ඩායමක් වශයෙන් ජනාධිපතිවරයාට සහාය දීමට එක්වනු ඇති බවට ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *