Loading...

Onmax DT වංචාවට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙක් සියදිවි හානි කරගෙන

Onmax DT සමාගමේ වංචාවට අසුවූ පුද්ගලයින් කිහිපදෙනෙක් සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.

එම තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා කියා සිටියේ මුදල් අහිමි හේතුවෙන් ඇති වූ කම්පනය හේතුවෙන් මෙම පුද්ගලයින් සියදිවි හානි කරගෙන ඇති බවයි.

තම රන් ආභරණ හා ඉඩම් උකස් කර ගත් මුදල් බොහෝ දෙනා මේ සඳහා ආයෝජනය කර ඇති බව සඳහන්.

එම ආයතනය ලක්ෂ 4කට අධික පිරිකගෙන් රුපියල් කෝටි 3500කට අධික මුදලක් තැන්පත් කර තිබෙනවා.

මේ අතර Onmax DT සමාගම විසින් වංචා කර ඇති මුදල් අතරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සොයාගෙන ඇත්තේ ඉතා සුළු කොටසක් පමණක් වන අතර තවත් විශාල දේපළ ප්‍රමාණයක් පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි ඇති බවද එහිදී අදහස් දැක්වූ තැන්පත්කරුවන්ගේ නියෝජිතයින් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *