Loading...

සාපෙළ තවත් ප්‍රශ්ණ පත්‍රයක ගැටළුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භූගෝල විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්ණ කර ඇති බවයි.

අදාළ ප්‍රශ්ණ පත්‍රය සඳහා මුහුණ දුන් කිසිඳු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව මේ වන විට තීරණය කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *