Loading...

ලෝක කුසලානය පාමුල තබාගෙන සනත්ගේ දරුවෝ හොඳටම වැඩ පෙන්නයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (01) සමත් වුණා.

පල්ලෙකැලේහිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 22කදී ලකුණු 40ක් ලබාගත් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

කමිල් මිශාර ලකුණු 36යි. පැතුම් නිස්සංක ලකුණු 34යි.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී ජෝෆ්රා ආචාර් කඩුලු 2ක් දවා ගනු ලැබුවා.

ලකුණු 190ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් ලැබුණා.

එංගලන්තය වෙනුවෙන් ටොම් බෙන්ටන් පන්දු 33කින් ලකුණු 54ක් රැස්කළා.

නායක හැරී බෘක් 12කින් ලකුණු 36ක් රැස්කරනු ලැබුවා.

මේ අනුව තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට තරඟාවලි පරාජය භාර ගැනීමට සිදුවුණා.

මෙම පරාජය සැලකෙන්නේ ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10 වන විස්සයි විස්ස තරඟ පරාජය ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වසර 12කින් එනම් 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තයට එරෙහිව පැවැති කිසිඳු විස්සයි විස්ස තරඟයක් ජයගෙන නොතිබීම ද විශේෂත්වයක්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *