Loading...

,

සාගල රත්නායකගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ධුරයට

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත්කර තිබෙනවා.

ඔහු අද (14) දිනයේ සභාපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කාවන් රත්නායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සොහොයුරායි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ පත්වීම සිදු කර ඇති අතර මහ බැංකුව මඟින් මෙම පත්කිරීම අනුමත කර තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතායි.

යහපාලන සමයේ දී සිය සහෝදරයා වන සාගල රත්නායක මහතා විෂය භාර අමාත්‍යවරයා සිටියදී කාවන් රත්නායක මහතා වරාය අධිකාරයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *