ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.
තරඟය පුරා විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූ ඔහු මීටර් 91.09ක සුවිශේෂී දුරක් වාර්තා කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් වූ අතර, ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් අපූරු ජයග්‍රහණයක් ලෙස සටහන් වනවා.








Leave a Reply