ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්වීමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් හෙල්ල විසි කර රන් පදක්කම දිනාගත් ඔහු, එම දක්ෂතාවය වෙනුවෙන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් හිමිකර ගනිමින් ලොව ඉහළම ස්ථානයට පැමිණීමට සමත්ව ඇත.
මෙම ජයග්‍රහණයත් සමඟ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්ව තිබෙනවා.







Leave a Reply