Loading...

රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය නිමාවෙයි

පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව වන Cristiano Ronaldoගේ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබෙනවා.

ඒ, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය හමුවේ පෘතුගාලය ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි.

ඩලස් නුවර පැවති මෙම තරගයේ අතිරේක කාලයේදී Mikel Merino වාර්තා කළ ගෝලය තරගයේ තීරණාත්මක අවස්ථාව බවට පත්වූ අතර, තරගය අවසන් වීමෙන් අනතුරුව රොනාල්ඩෝ දැඩි සංවේදීව කඳුළු සලමින් සිටි අයුරු ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

දැනට 41 වන වියේ පසුවන රොනාල්ඩෝ සිය වෘත්තීය දිවිය තුළ Ballon d’Or සම්මාන 5ක්, UEFA Champions League ශූරතා 5ක් සහ UEFA Euro 2016 ශූරතාව දිනාගෙන ඇති අතර, සිය වෘත්තීය දිවියේ ගෝල 976ක් රැස්කරමින් පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත වී තිබෙනවා.

කෙසේවෙතත්, ලෝක කුසලාන තරගාවලියකදී ඔහුගේ ඉහළම ජයග්‍රහණය වූයේ 2006 වසරේදී පෘතුගාලය සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමයි.

ගෝල 1,000 සීමාව පසු කිරීම තම අවසන් ඉලක්කය බව රොනාල්ඩෝ මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, මෙය තම අවසන් ලෝක කුසලාන තරගාවලිය වන බවද ඔහු නිල වශයෙන් සඳහන් කර තිබුණා.

මේ අතර, පෘතුගාල පුහුණුකරු Roberto Martínezගේ තීරණ සම්බන්ධයෙන්ද විවේචන එල්ල වී තිබෙනවා.

විචාරකයන් පෙන්වා දෙන්නේ වයස්ගත රොනාල්ඩෝ සෑම තරගයකම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස යොදා ගැනීම හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩා සැලැස්මට බලපෑම් එල්ල වූ අතර, එය පෘතුගාලයේ තරගාවලියෙන් ඉවත්වීමට හේතුවක් වූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *